Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෙරන්ඩිබ් සමාගම පැවති මිලටම තිරිඟු පිටි අලෙවි කිරීමට එකඟතාව පළ කරයි  

Add comments

පිටි මිල වැඩි කිරීමට සෙරන්ඩිබ් සමාගම ගත් තීරණය අහෝසි කර පැවති මිලටම තිරිගු පිටි අලෙවි කිරීමට එම සමාගම එකඟතාව පළකළ බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ තීරණයත් සමඟ පිටි සහ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

තිරිගු පිටි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 18 කින් වැඩි කිරීමට සෙරන්ඩිබ් සමාගම තීරණය කිරීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදාළ සමාගමේ නියෝජිතයින් කැදවා සාකච්ඡා කිරීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කටයුතු කළා. එහිදී පිටි මිල වැඩි කිරීමේ තීරණය වෙනස් කරන බව  අදාළ නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

ප්‍රීමා සමාගම මේ දක්වා තිරිගු පිටි මිල වැඩිකිරීමක් සිදුකර නැහැ. ඒ අනුව තිරිගු පිටි මෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු නොවනු ඇති බවයි සමූපාකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම සමාගම් දෙක මුහුණ දී ඇති ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ අවධානය යොමුකර තිබෙනවා.

The post සෙරන්ඩිබ් සමාගම පැවති මිලටම තිරිඟු පිටි අලෙවි කිරීමට එකඟතාව පළ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG