Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම මායිම් ප්‍රදේශ රැසක බලය යළිත් අත්පත් කර ගනී  

Add comments

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම මායිම් ප්‍රදේශ රැසක බලය යළිත් අත්පත් කර ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන භූමි ප්‍රදේශයෙන් හතරෙන් තුනක බලය තලේබාන් සංවිධානය අත්පත්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. සටන්කාමීන් සහ ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා  අතර ගැටුම් උත්සන්න වීමත් සමග රජයේ හමුදා විශාල පිරිසක් ටජිකිස්ථානයට පලා ගොස් තිබෙනවා.

හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සහ තලේයිබාන් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයේ රදවා සිටියා. ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් අනතුරුව ද  ඇමෙරිකා ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයේ රදවා සිටීමෙන් එරට සෛරීත්වයට බලපෑම් එල්ලවනු ඇති බවයි ඇමෙරිකාවේ අදහස වී තිබෙන්නේ.

ඒ හේතුවෙන් ලබන අගෝස්තු 31 වනදා වන විට ඇෆ්ගනිස්ථානයේ රදවා සිටින සියලු විදෙස් හමුදා ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ.

 

 

 

The post තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම මායිම් ප්‍රදේශ රැසක බලය යළිත් අත්පත් කර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG