බංග්ලාදේශයේ කර්මාන්ශාලාවක ඇතිවූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් 6 කින් යුත් ආහාර නිෂ්පාදන කර්මාන්ශාලාවක ගින්න හටගත්තා. ගින්නෙන් බේරීමට උත්සාහ කළ පිරිස් ඉහළ මහල්වල සිට බිමට පැනීමට උත්සාහ කිරීමේදී බරපතල ලෙස තුවාල ලැබූ අතර එම සංඛ්‍යාව 30 ක්.
කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍යයක් ගින්නට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
2003 වසරේදී බංග්ලාදේශයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 1000 කට අධික සංඛ්‍යාවක් මිය ගියා. බෝහෝ ගොඩනැගිලිවල ආරක්ෂක ක්‍රමවේදයන් නිසි ආකාරයෙන් නඩත්තු නොවීම හේතුවෙන් බංග්ලාදේශයේ මෙවැනි සිදුවීම් බහුලව වාර්තා වන බව ද සදහන්.
The post බංග්ලාදේශයේ කර්මාන්ශාලාවක ඇතිවූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment