ඊයේ දිනයේ ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,537 දෙනෙකු හමුවුණා.
ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් 1537 දෙනා අතරින් වැඩිම පිරිස හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 475ක්. කොළඹින් ආසාදිතයින් 257ක්, ගාල්ලෙන් ආසාදිතයින් 125ක් හා කළුතරින් ආසාදිතයින් 110ක් ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්.
ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනා ගැනුණු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ එක් දහස් හාරසිය අසූතුන දක්වා ඉහළ ගියා. ඒ අතරින් 27057 දෙනෙකු රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ දක්වා සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් එක්දහස් තිස් පහක්.
කොරෝනා මරණ 3434ක් ද සිදුව තිබෙන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,537ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment