Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනියි  

Add comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කතරගම කිරිවෙහෙර වැදපුදාගෙන ආගමික වතාවත්වල නිරතවුණා.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා බැලූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිරිවෙහෙර ආගමික වතාවත්වල නිරත වුණේ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කළ බැසිල් රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා ජයග්‍රීමහා බෝ සමිදුන් අභියසදී ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරපාසල් ගුරු වෘත්තීය සංගමය එය සංවිධාන කර තිබූ අතර උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post අගමැති කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG