Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දකුණුදිග ජපානයට හදිසි අවදානම් තත්ත්වයක්  

Add comments

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දකුණුදිග ජපානයට හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජපානයේ යූෂු දූපත් ඇතුළු ප්‍රාන්ත තුනකට මෙම හදිසි අවදානම් තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමටයි එරට කාලගුණික අංශ කටයුතුකර තිබෙන්නේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවුතර තත්ත්වයත් සමග ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

මීට දින කිහිපයකට පෙර නිකුත්කර තිබූ අවදානම් තත්ත්වය සැළකිල්ලට නොගැනීම හේතුවෙන් එරට අටාමි නගරයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් දැඩි අලාභ හානි රැසක් වාර්තා වූ අතර පුද්ගලයින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

පුද්ගලයින් 20 දෙනෙක් පමණ  අතුරුදන්වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

 

The post අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දකුණුදිග ජපානයට හදිසි අවදානම් තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG