Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශීඝ්‍ර කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉරානය 5වන වතාවටත් වසා දැමේ  

Add comments

ශීඝ්‍ර කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ ඉරානය පස්වන වතාවටත් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍ර යෙන් පැතිර යාමත් සමග එරටින් දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම මීට හේතුවී තිබෙනවා. අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුකොට කිසිවෙකුටත් නිවෙස්වලින් පිටවී ම තහනම් කර තිබෙනවා. සුපිරි වෙළදසැල්,කඩසාප්පු, ආපනශාලා, හෝටල්, ක්‍රීඩාගාර, විනෝදාත්මක කටයුතු, චිත්‍රපට ශාලා මෙන්ම කාර්යාල ද වසා දැමීමටයි කටයුතු කර තිබෙන්නේ. මිලියන අසූ තුනක ජනගහනයක් වෙසෙන ඉරානයේ මේ වනවිට එන්නත්කරණය අවසන් කොට ඇත්තේ මිලියන තුනකට ආසන්න පිරිසක් පමණයි. ඇමරිකාව ඉරානයට සම්බාධක එල්ල කිරීම හේතුවෙන් එරටට ලැබෙන එන්නත් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින අතර ඒවා බෙදාහැරීමද සිදුවන්නේ ඉතාමත් මන්දගාමී ස්වරූපයෙන් බවයි පැවසෙන්නේ.

 

 

The post ශීඝ්‍ර කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉරානය 5වන වතාවටත් වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG