කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින රෝගීන් තවදුරටත් අසරණභාවයට පත් කරමින් සිදුවන වංචාවක් පිලිබදව පේරු රාජ්‍යයෙන් වාර්තා වනවා.
අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින කොරෝනා රෝගීන්ට ඇදක් ලබාදීම සදහා ඇමරිකා ඩොලර් විසි එක් දහසක මුදලක් අය කර ගැනීමට පේරු රාජ්‍යෙය් රෝහලක පිරිසක් කටයුතු කර තිබෙනවා. මේ සදහා එම රෝහලේ නිලධාරින් කිහිප දෙනෙකුද සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. රෝගියෙකුගේ පවුලේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකදී මෙම ජාවාරම පිළිබදව තොරතුරු හෙළිව තිබෙනවා. මෙම වංචාව මාස කිහිපයක් තිස්සේ සිදුව ඇති අතර රෝහල රජයට අයත් එකක් වීම විශේෂත්වයක්. සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
The post පේරු රාජ්‍යයේ රෝහලක පිරිසක් සිදු කළ මුදල් වංචාවක් හෙලි කර ගැනේ appeared first on ITN News.
Post a Comment