උද්ගතව ඇති තත්ත්වය යටතේ තවත් සති තුනක් අවසන්වීමට පෙර ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ඉදිරි මාස කිහිපයේ දී ලොව ප්‍රමුඛතම කොවිඩ් වයිරස කාණ්ඩය බවට පත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරනවා. මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය හමුව ඇති සමස්ත රටවල් සහ කලාප ගණන 124ක් ලෙසයි දැක්වෙන්නේ. කොවිඩ් පාලන සීමා ලිහිල් කිරීම , මිනිසුන් ඒකිෙනකා මිශ්‍රවීම සහ ඒන්නත් ලබා නොගත් පිරිස තවමත් ඉහළ යාම නව කොවිඩ් ප්‍ර භේද ශීඝ්‍ර යෙන් පැතිර යාමට හේතුවී තිබෙනවා. පසුගිය සතියේ දී ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 12%කින් ඉහළ ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
The post සති 03කින් ලොව කොවිඩ් ආසාදිතයින් කෝටි 20 ඉක්මවයි – WHO අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment