Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ හෙබෙයි ප්‍රාන්තයට සුළි කුණාටුවකින් බලපෑම් – දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ ඇතිවූ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

නිවාස ඇතුලු ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගිණිකොන දිග චීනය දෙසින් හමා ආ දැඩි සුළං තත්ත්වය විනාඩි තිහකට ආසන්න කාලයක් පැවති බවද සඳහන්. ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග අවහිර වී ඇති අතර විදුලි සැපයුමටද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර මධ්‍යම චීනයේ හෙනාන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයෙන් අනතුරුව නගර පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. හානියට පත් විදුලි රැහැන් සහ සන්නිවේදන කුළුනු යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුද ක්‍රියාත්මක වනවා.

 

 

The post චීනයේ හෙබෙයි ප්‍රාන්තයට සුළි කුණාටුවකින් බලපෑම් – දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG