Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් 7ක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අරලගන්විල විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි වුණා.

අරලගන්විල පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කළේ. අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 38 සහ 52 අතර වයස්වල පසුවන්නන්. මෙහිදී ගව මස් කිලෝග්‍රෑම් හයසියයක් සොයා ගැනුණා. ඒවා පුලස්ථිගම පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ ගිනි තබා විනාශ කරන ලෙසටයි පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. ගව හිමිකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා තෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයේ ගවයන් තබා ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නා.

අනන්‍යතාව තහවුරු නොවන ගවයින් සත්ව සුබසාධන ඒකකයට භාර දීමටයි මහේත්‍රාත්වරයා නියෝග කළේ.

 

The post නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් 7ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG