මීමුරේ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහත්මයා ඇතුළු පිරිසක් කටයුතු කළා.
උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ගම්මානයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැමිණි අවස්ථාවේ දී මාර්ග, ජල, සෞඛ්‍ය හා අධ්‍යාපන ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ජනතාව තම ගැටලු ඉදිරිපත් කළා. එම ඉල්ලීම්වලට විසදුම් ලබාදීමේ දී මේ දක්වා ලබාගෙන ඇති ප්‍රගතිය මෙහිදී නිරීක්ෂණයට ලක්වුණා.
ගැටලුවලට විසදුම් ලබාදීමේදි සියයට 85 ක ප්‍රගතියක් මේ දක්වා හිමිකරගෙන ඇති බවයි මෙහිදී හෙළිවුණේ. මීට සමගාමීව ජනතාව වෙත ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීමට ද කටයුතු කෙරුණා. එමෙන්ම උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් කිහිපයක පුස්තකාලවලට පොත් ලබාදීමට ද පියවර ගැණුනා. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මීමුරේ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.
Post a Comment