සතියක කාලයක් පුරා චීනයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා එරට බොහොමයක් ප්‍රදේශවල ජන ජීවිතයට බලපෑම් එල්ලවී තිබෙනවා.ඇතිවුනු ගංවතුර තත්ත්වයෙන් හැටකට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ගංවතුර බලපෑම පහව යන්නත් කලින් ඉන්ෆා සුළි කුණාටුවද අද දහවල් චීනයට කඩාවැදුනා.
චීනයේ ෂැන්ග්හයි ඇතුළු පළාත් රැසක ගුවන්තොටුපොල හා වරාය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ෆා සුළිකුණාටුව හේතුවෙන් මුහුද දැඩි රළු ස්වභාවයක් ගෙන ඇති අතර ගංවතුර තත්ත්වයක් ද හටගත්තා. ෂැන්ග්හයි වරායේ නැංගුරම්ලා ඇති නැව් ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ඉදිරි දින කිහිපය තුළ දී දරුණු වැසි බලාපොරොත්තු වන බව චීන කාලගුණ අංශ නිවේදනය කරනවා. ආපදාවට පත්වන පිරිස් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් රැසක් සේවයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණය පහව යන තෙක් නිවෙස් තුලට වී සිටින ලෙසයි ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.
The post ගංවතුර බහින්නත් කලින් චීනයට ඉන්ෆා කඩා වදී appeared first on ITN News.
Post a Comment