Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරගහකන්ද කළුගඟ මහවැලි කලාපයේ වගා කටයුතු සිදුකිරීමට අවශ්‍ය සැළසුම් සකස් කෙරේ  

Add comments

වසවිසෙන් තොරව මොරගහකන්ද කළුගග මහවැලි කලාපයේ හෙක්ටාර 1,700 ක වගා කටයුතු සිදුකිරීම සදහා අවශ්‍ය සැළසුම් මේ වන විට සකස්කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ උපදෙස් අනුවයි. රටකජු, මුංඇට ආදී අතිරේක වගාවන් මෙහි සිදුකිරීමට ද නියමිතයි.

පතෝල, පිපිඤ්ඤා, වැටකොළු ඇතුළු භෝග රැසක් කාබනික පොහොර වගාවෙන් සාර්ථකව සිදුකළ ගොවි මහතෙකු කළුතර බෝඹුවල ප්‍රදේශයේ සිටිනවා. වික්‍රමසිංහ ගොවි මහතාගේ මෙම වගාව සාර්ථක කර ගැනීම සදහා තවත් බොහෝ දේශීය ක්‍රම භාවිතයට ගෙන තිබෙනවා.

තේ වගාවට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් නාවලපිටිය ප්‍ර දේශයේ දී උද්ඝෝෂණයක නිරතවුණා. පවත්නා තත්ත්වය යටතේ තේ වගාව මෙන්ම එළවළු වගාවද අසාර්ථක වී ඇති බවයි උද්ඝෝෂකයන් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුවද යහලඅරාව ප්‍රදේශයේ කාබනික පොහොර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් හිටපු මන්ත්‍රී ජිනදාස රත්නායක මහතා ද ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන වගාව ඉතා සාර්ථක එකක් බවයි.

 

The post මොරගහකන්ද කළුගඟ මහවැලි කලාපයේ වගා කටයුතු සිදුකිරීමට අවශ්‍ය සැළසුම් සකස් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG