Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

භාෂණයේ නිදහස අවම කිරීමට හෝ නැති කිරීමට රජයේ කිසිඳු අඳහසක් නෑ- ඇමති රමේෂ් පතිරණ  

Add comments

භාෂණයේ නිදහස පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බවත්, එය අවම කිරීමට හෝ නැති කිරීමට රජයක් ලෙස කිසිඳු අඳහසක් නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක,වැවිලි අමාත්‍ය,වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ සහිතව උද්ඝෝෂණ වලට සහභාගී වූ පිරිස් නිරෝධායනයට යොමු කිරීම සඳහා කටයුතු කළ බවත්, එම පිරිස නිරෝධායනයට යොමු කිරීම රජයේ අවශ්‍යතාවයට වූවක් නොව, රෝගය පැතිරී යාමේ අවදානම සැළකිල්ලට ගෙන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අදාළ මාර්ගෝපදේශ හා නිර්දේශවලට අනුව මෙන්ම මහජන පරීක්ෂකවරුන්ගේ නියමයන් වලට අනුව සිදු කොට ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඒ සම්බන්ධව රජය මැදිහත් වීමක් හෝ උපදෙස් දීමක් සිදු කොට නොමැති බවත්,සම්පූර්ණයෙන් ම සෞඛ්‍ය අංශවලට අදාළ කාරණයක් වන බවත්,පෙර මෙන්ම දැනටත් මෙකී කරුණු කාරණා පිළිබඳව කටයුතු කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් වරයාගේ, මහජන පරීක්ෂකවරුන්ගේ සහ අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

The post භාෂණයේ නිදහස අවම කිරීමට හෝ නැති කිරීමට රජයේ කිසිඳු අඳහසක් නෑ- ඇමති රමේෂ් පතිරණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG