රුසියාවේ මොස්කව් නුවර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
දිවා කාලයේ දී මොස්කව් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් හතරයි දශම අටක පමණ ඉහළ අගයක් ගෙන තිබෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් පහ ඉක්මවුවහොත් එය මොස්කව් නගරයේ උෂ්ණත්වය වැඩිම අගයක් ගත් හතරවන අවස්ථාව බවට පත්වනු ඇති. මීට පෙර 1936 වසරේදී, 1951 වසරේදී හා 2010 වසරේදී මොස්කව් නගරයේ උෂ්ණත්වය සේල්සියස් අංශක තිස් පහ ඉක්මවා ගියා. අධික උෂ්ණත්වයෙන් මිදීම සදහා රුසියා ජනතාව ගංගා,නාන තොටුපොල හා පිහිනුම් තටාක වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ.
The post මොස්කව් නුවර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ නගී appeared first on ITN News.
Post a Comment