ඉරාකයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ගින්නෙන් රෝගීන් 50 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු දිග ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරන වාට්ටුවකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්න හටගත් අවස්ථාවේ එම වාට්ටුව තුළ රෝගීන් 63 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ. මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති අතර ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ වුවද ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් ගින්න ආරම්භ වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. රෝහලේ පාලනධිකාරියට විරුද්ධව දහස් ගණනක් ජනතාව රෝහලට ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වනවා.
The post ඉරාකයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment