Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති ජෙයර් බොල්සනාරෝට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බ්‍රසීලය පුරා විරෝධතා  

Add comments

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් බ්‍රසීලය පුරා විරෝධතා පැවැත්වෙනවා.

දූෂණ අක්‍රමිකතා සිදුකළ බව පවසමිනුයි බ්‍රසීල ජනතාව එරට ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා ආරම්භකර ඇත්තේ. කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට නිසි ක්‍රමවේද භාවිතා නොකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවනවා. පසුගිය කාලය තුළදී ඔහුගේ ජනප්‍රියතාවය දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ලබන වසරේ දී බ්‍රසීල ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එය ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමවේදයක් ඔස්සේ පැවැත්වෙනු ඇති. කෙසේ වුවද ඔහුට අභියෝගයක් එල්ලකරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන හිටපු ජනාධිපති ලූලා ද සිල්වා එහිදී ජයගනු ඇති බවට මත පළවී තිබෙනවා.

                                                        

 

The post ජනපති ජෙයර් බොල්සනාරෝට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බ්‍රසීලය පුරා විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG