ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවී සිටින තවත් ක්‍රීඩකයින් දස දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සංවිධායකයින් නිවේදනය කරනවා.
ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින එකසිය තිස් දෙදෙනෙකුට මේ වනවිට වයිරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වී තවමත් ගතවී ඇත්තේ දින 2 ක් පමණයි. එමෙන්ම තරග අවසානයේ ජයග්‍රාහකයින්ට පදක්කම් පළදින අවස්ථාවේ දී ක්‍රීඩකයින් මුඛ ආවරණ අනිවාර්යයෙන් පැළද සිටිය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අද නිවේදනය කළා. ඊයේ දිනයේ දී පදක්කම් ලබාගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මුඛ ආවරණ ඉවත් කිරීමත් සමගයි මෙසේ නිවේදනය කර ඇත්තේ. ටෝකියෝ නුවර පරිසර උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ක්‍රීඩකයින් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවද වාර්තා වනවා.
The post ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවී සිටින තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.
Post a Comment