දේශීය ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණෙන් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වනවා.
මෙරට නිෂ්පාදනය කළ හැකි බොහෝ දෑ රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ අරමුණ ඇතිව මෙවැනි ගම්මාන 500 ක් ආරම්භ කිරීම ව්‍යාපෘතියට ඇතුළත්. ඒ අනුව මීරිගම, වෑබඩමුල්ල, මැටි ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි රණතුංග, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රියාසි සලාම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පවුල් 65 ක් පමණ මෙම ගම්මානයේ මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නිරත වනවා.
The post සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment