කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීම සදහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වනවා.
අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අනුරාධපුර, කහටගස්දිගිලිය හා ගලෙන්බිදුනුවැව ආදී ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනය කරන මෙන්ම කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන පිරිස හමුවුණා. එමෙන්ම නාච්චියාදූව,කලාඔය ආදී ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනාගාර කිහිපයක් ද අමාත්‍යවරයා විවෘත කළා. අනුරාධපුර ප්‍රදේශයෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.
කාබනික පොහොර භාවිතයෙන් තක්කාලි වගාව ද සිදුකළ හැකි බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. ඌව පරණගම ආනන්ද නානායක්කාර ගොවි මහතා මෙසේ කාබනික පොහොර යොදා ගනිමින් සිදුකළ තක්කාලි වගාවේ සාර්ථක ඵලදාවක් ලැබෙමින් පවතිනවා. එමෙන්ම යහලඅරාව ප්‍රදේශයේ කාබනික පොහොර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් හිටපු මන්ත්‍රී ජිනදාස රත්නායක මහතා ද ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන වගාව ඉතා සාර්ථක එකක් බවයි.
වසවිසෙන් තොරව මොරගහකන්ද කළුගග මහවැලි කලාපයේ හෙක්ටාර 1,700 ක වගා කටයුතු සිදුකිරීම සදහා අවශ්‍ය සැළසුම් මේ වනවිට සකස්කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ උපදෙස් අනුවයි. රටකජු, මුංඇට ආදී අතිරේක වගාවන් මෙහි සිදුකිරීමට ද නියමිතයි.
The post කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීමට වැඩපිළිවෙළ රැසක් appeared first on ITN News.
Post a Comment