මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් නීතියේ රැහැණට හසුකර ගැනීමට පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවුණා.
කරදියනාරු පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන පහකදී සිදුකළ වැටලීම්වලදී වැලි ජාවාරමට යොදාගත් වාහන 23 ක් හා ඒවායෙහි රියදුරන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරදියනාරු පොලීසිය හා අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි වැටලීම සිදුකළේ. සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. එමෙන්ම අපරාධ සදහා යොදාගත් කඩු තුනක් ද පොලීසිය සොයාගත්තා. මෙම කල්ලියේ ඉතුරු සාමාජිකයින්ද අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
The post මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් කොටු වෙයි appeared first on ITN News.
Post a Comment