Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව ඉහළ දැමීමේ තීරණයක්  

Add comments

මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉදිරියේදී අයෙකු මෙහෙකාර සේවයේ යොදවා ගන්නේ නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු වනවා.

1956 අංක 47 දරණ පනතට වයස අවුරුදු 14 ඉක්ම වූ ළමයින්ට රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව හිමිව තිබුණු අතර පසුගිය ජනවාරි 18 වන දා එම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමුණා.

එහෙත් එම වයස් සීමාවේ අයවලුන්ද අන්තරාදායක රැකියා සඳහා යොදා ගැනීමට ද හැකියාවක් නැහැ. නමුත් මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් ලෙස වර්ගීකරණය කර නොමැති බැවින් 16 ඉක්ම වූ අයෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ හැකියාව මේ වන විටත් පවතිනවා.

රැකියා 52ක් අන්තරාදායක රැකියා ලෙස නම් කර ඇති අතර, නව සංශෝධනයට අනුව රැකියාවේ ස්භාවය අනුව සළකා බලා එම රැකියා සංඛාව 76 දක්වා ඉහළ දැමීමටද අපේක්ෂා කෙරෙනවා.

The post මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව ඉහළ දැමීමේ තීරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG