Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර නිෂ්පාදනයට යුද හමුදාවෙන් නව නිපැයුමක්  

Add comments

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක පත්‍ර සහ අතු කුඩා කැබලි බවට පත් කිරීම සඳහා යන්ත්‍රයක් ( Agri Shredder PP1) යුද හමුදාව විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලදි.

4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් මෙම යන්ත්‍රය නිෂ්පාදනය කල බව යුද හමුදාව පවසයි.

පැයක කාලයක් තුළ ශාක පත්‍ර සහ අතු මිලි මීටර් 10 ක කැබලි මෙට්‍රික් ටොන් 3.5 ක් මෙම යන්ත්‍රය මගින් නිෂ්පාදනය කල හැක.

වෙළඳපල තුල මෙවැනි යන්ත්‍රයක සාපේක්ෂ වටිනාකම රුපියල් 750000 කට අධික වන අතර යුද හමුදාව මෙම යන්ත්‍රය නිෂ්පාදනය කර ඇත්තේ රුපියල් 150000 ක් පමණ වැය කරමිනි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (භඨ කාර්ය සම්පාදන) ලුතිනන් කර්නල් පී. ඩී. එල්. ඒ. සී. සිරිසේන විසින් මෙම යන්ත්‍රය නිර්මාණය කල බව යුද හමුදාව පවසයි.

 

 

 

The post කාබනික පොහොර නිෂ්පාදනයට යුද හමුදාවෙන් නව නිපැයුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG