Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙර පාසල් ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඇරඹෙයි  

Add comments

එන්නත්කරණ වැඩපිළිවෙළ කොරෝනා අවදානම වැඩිම ප්‍රදේශ ඉලක්ක කරගෙන ක්‍රියාවට නංවලා තියෙන්නේ විධිමත් වැඩපිළිවෙලක් යටතේයි.

දිවයිනේ බොහෝ ප්‍ර දේශ ආවරණය වන විදියට අද දවසෙත් කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුවනවා.

යුද හමුදාවේ මෙහෙයවීමෙන් බත්තරමුල්ල දියත උයනේදී වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම අද දිනයේ ද සිදුවනවා. දින පහක් තුළ මෙම පරිශ්‍ර යේදී පුද්ගලයින් 27246 දෙනෙකුට එන්නත් ලබාදීම සිදුකළා.

මේ අතර පෙර පාසල් ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ ආරම්භක වැඩපිලිවෙල රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ  ප්‍රධානත්වයෙන්. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන කාර්ය මණ්ඩලය මීට පූර්ණ දායකත්වය ලබාදී තිබු අතර පෙරපාසල් ගුරුවරුන් සිය දෙනෙකුට අධික පිරිසකට එන්නත් ලබාදීම සිදුවුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 12ක කොරෝනා මර්දන සයිනොෆාම් එන්නත ලබාදීම සාර්ථකව සිදුවනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි මඩකලපුව සෞඛ්‍ය අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් මහතා සදහන් කළේ.

මේ දක්වා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නවලක්ෂ විසිපන්දහස් දෙසිය හතළිස් දෙදෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව තුන්ලක්ෂ අසූහතර දහස් පන්සියක දෙකක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව විසි හත් දාහතර දහස් තුන්සිය අසූපහයි.  එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව නවලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය තිහක්. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ දාහතරදහස් හත්සිය අනූ පස්දෙනෙකුට ලබා දි ඇති අතර දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව දාහතර දහස් හාරසිය හැටහතරක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ද 3455 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

 

 

The post පෙර පාසල් ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG