නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ කහ කිලෝග්‍රෑම් දෙදහස් තුන්සිය හැටක් මන්නාරම වංකාලේ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මන්නාරම වංකාලේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ. මළු හැටක මෙම වියළි කහ තොගය අසුරා තිබුණා. නාවික සෙබලුන් මුර සංචාරයේ නිරත වන අතරතුරදී එම වියළි කහ තොගය වෙරළ ප්‍රදේශයේ දමා ජාවාරම්කරුවන් පැන ගොස් ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.
The post නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ කහ තොගයක් නාවික හමුදා භාරයට appeared first on ITN News.
Post a Comment