Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ ටෝකියෝ අගනුවරට හදිසි තත්වයක්  

Add comments

කොරෝනා වයිරස ආසාදිතයින් රැසක් හමුවීමත් සමගම ජපානයේ ටෝකියෝ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගතවු පැය 24ට එරටින් වයිරස ආසාදිතයින් 1902 නෙකු හමුවී ඇති අතර ඉන් 614 දෙනෙකුම වාර්තා වී ඇත්තේ ටෝකියෝ නගරයෙන්. ඒ සමගම ටෝකියෝ නගරයට හතර වන මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.

ආපන ශාලා හා අවන්හල් තුළ මත් පැන් අලෙවිය තහනම් වන අතර සාප්පු සංකීර්ණ රාත්‍රී අට වනවිට වසා තැබිය යුතු වනවා. පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු මස 22 වන දින දක්වා බල පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ටෝකියෝ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඔලිම්පික් උළෙල පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර ඇති බැවින් වයිරස ව්‍යාප්තියක් ඇති නොවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව බලධාරීන් නිවේදනය කරනවා.

 

 

 

The post ජපානයේ ටෝකියෝ අගනුවරට හදිසි තත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG