Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයට ලෝක ආහාර වැඩසටහනින් ආධාර තොගයක්  

Add comments

ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයට ආධාර තොගයක් ලබාදීමට ලෝක ආහාර වැඩසටහන පියවර ගත්තා.

මෙට්‍රික් ටොන් නවසීයක ධාරිතාවයෙන් යුතු ආහාර, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් මෙයට ඇතුළත් බවයි වාර්තා වන්නේ. උතුරු දිග ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයේ   ඇතිව තිබෙන සාගත තත්ත්වය පාලනය කිරීමට මෙම ආධාර තොගය ඉවහල් වනු ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. කෙසේ වුවද මෙම ආධාර තොගය බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි බලධාරීන් පවසන්නේ. රජයට විරුද්ධ කැරලිකරුවන් හා රජයේ හමුදා අතර ටිග්රේ ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් එහි ජන ජීවිතය සම්පූර්ණයෙන් කඩා වැටීමට ලක්ව තිබෙනවා. මේ වනවිටත් ගැටුම් හේතුවෙන් දහස් ගණනක පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයට ලෝක ආහාර වැඩසටහනින් ආධාර තොගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG