බ්‍රසීලයේ වැඩිම මරණ සංඛ්‍යාවක් හා අඩුම උපත් සංඛාවක් සිදුව ඇත්තේ පසුගිය මාස හයක කාලය තුළදී බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
2003 වසරේ සිට මේ දක්වා අඩුම උපත් හා වැඩිම මරණ සිදුවූ වසර ලෙසයි 2021 වසර සැලකෙන්නේ. ජනවාරි සිට ජුනි මාසය දක්වා මරණ නව ලක්ෂ පනස් හය දහස් පන්සිය තිස් හතරක් සිදුව ඇති අතර ඉන් මරණ තුන් ලක්ෂ විසි තුන් දහස් එකසිය දහ තුනක්ම සිදුව ඇත්තේ කොරෝනා වයිරසය හේතුවෙන්. මෙම වසරේ මුල් මාස හය තුළදී බ්‍රසීලයෙන් වාර්තා වන උපත් සංඛ්‍යාව දහතුන් ලක්ෂ විසි පන් දහස් තුන්සිය අනූ හතරක්. 2003 වසරේ සිට මේ දක්වා වසරක මුල් මාස හය තුළදී වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව එයයි.
The post බ්‍රසීලයේ වසරක මුල් මාස 6 තුළ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment