පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මීට කලින් මෙහෙකාර සේවයේ නිරත වී හිටපු තවත් කාන්තාවක් දූෂණයට ලක්වෙලා තියෙනවා කියලා ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණා. මෙම නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ නිරත කාන්තාවන් දෙදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැණුනා. ඔවුන් අවුරුදු 22 ක හා 32 යන වයස්වල පසුවනවා.
22 වන වියේ පසුවන තරුණිය එහිදි ප්‍රකාශ කළේ, තමන් 2015 වසරේ සිට 2019 වසර දක්වා ගෘහ සේවිකාවක ලෙස රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ බවයි. එහිදි මන්ත්‍රීවරයාගේ බිරිදගේ සහෝදරයෙකු තමන් දූෂණයට ලක්කළ බව ඇය ප්‍රකාශ කළා. ඒ අනුව මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු ද අත්අඩංගුවට ගැණුනා.
මේ අතර මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිස්සුම් තුවාල සහිතව 16 හැවිරිදි දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිද, ඇගේ පියා වගේම තැරැව්කරු ද අද අළුයම අත්අඩංගුවට ගැනුණා.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිදගෙන් බොරැල්ල පොලීසිය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගත්තා. අනතුරුව අද අළුයම මන්ත්‍රීවරයාගේ බිරිද, බිරිදගේ පියා මෙන්ම මෙහෙකාර සේවය සදහා දැරිය රැගෙන ආ තැරැව්කරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශන කණ්ඩායම් මගින් මේ වන විට 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
මේ අතර මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අයගේ අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවදානය යොමුව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළා.
The post තවත් මෙහෙකාරියක් රිෂාඩ්ගේ ගෙදරදී දුෂණයට ලක්වෙලා! appeared first on ITN News.
Post a Comment