Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික රෝහලේ නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතනය විවෘත කෙරේ  

Add comments

ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදි කරන ලද නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (29) දින පෙරවරුවේ දී විවෘත විය.

නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ. දැඩි සත්කාර ඒකක ඇඳන් 13 කින් ද සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වේ. සමරු ඵලකය නිරාවරණය කරමින් නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල විවෘත කළ අග්‍රාමාත්‍යතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූයේය.

මෙම පරිත්‍යාගය කළ ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් මහතා සමඟ අග්‍රාමාත්‍යතුමා සුහඳ කතාබහක ද නිරත විය. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, ඊ.ඒ.එම් මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් මහතා ඇතුළු එම සමාගමේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post ජාතික රෝහලේ නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතනය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG