Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ ලෝක බලවතාවීමේ අභිලාශයට චීනයෙන් බාධාවක් නැහැ  

Add comments

ඇමෙරිකාව ලෝක බලවතා ලෙස නැගී සිටීමේ ක්‍රියාදාමය වෙනස් කිරීමට කිසිසේත් උත්සාහ නොකරන බව චීනය පවසනවා.

වොෂින්ටනයේ චීන තානාපති ක්වින්ග් ගැන්ග් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් වොෂින්ටන් නුවරදී මේ බව ප්‍රකාශ කළා. 55 හැවිරිදි ක්වින්ග් ගැන්ග් චීනයේ හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ද වනවා. වොෂින්ටනයේ හිටපු චීන තානාපති ක්යි ටියන්කායි ධුරයෙන් ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වූ තනතුරට ක්වින්ග් ගැන්ග් පත්කරනු ලැබූයේ චීනය සහ ඇමෙරිකාව අතර මත ගැටුම් උත්සන්නවී තිබෙන මොහොතකදීයි. මීට දින කිහිපයකට පෙර චීනය ඇමෙරිකාවට සම්බාධක පැනවීමට ද කටයුතු කළා. කෙසේ නමුත් මතභේදාත්මක කරුණු දීර්ඝ ලෙස සාකච්ඡාකොට ඒවා විසඳාගනිමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව නව චීන තානාපතිවරයා පවසනවා.

 

 

 

 

 

 

The post ඇමරිකාවේ ලෝක බලවතාවීමේ අභිලාශයට චීනයෙන් බාධාවක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG