තුර්කියේ දකුණුදිග ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් ප්‍රදේශ රැසක් විනාශයට පත්ව තිබෙනවා.
ලැව්ගිනි පැතිරීම ශීඝ්‍රවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් රැසක් සිටින තුර්කියේ ඇන්ටාල්යා ප්‍රදේශයේ දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ලැව්ගිනි පාලනය කිරීම සදහා හෙලිකොප්ටර් යානා 19 ක්, ගිනි නිවන රථ සියයකට අධික සංඛ්‍යාවක් සහ ගිනි නිවන භටයින් 400 ක් පමණ යෙදවීමට කටයුතු කර තිබෙනවා.
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය සහ සුළං හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇති බවයි පැවසෙන්නේ.
The post තුර්කියේ ලැව්ගිනි පාලනයට හෙලිකොප්ටර් 19ක් – ගිනි නිවන භටයින් 400ක් appeared first on ITN News.
Post a Comment