හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනයට සම්බන්ධ මහ මොළකරු සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
හයිටි අමෙරිකානුවන් යැයි සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු එරට ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි හයිටි ආරක්ෂක අංශ පවසන්නේ. අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙකු පෝර්ට් ඔ ප්‍රින්ස් හි කැනේඩියානු තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂකයෙකු බව තහවුරු වී තිබෙනවා. ඝාතකයන් සොයා සිදු කළ මෙහෙයුම් අතරතුරදී තවත් සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය මැදිහත්වීමක් ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතින බවයි පැවසෙන්නේ.
එරට අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජෝසප් පොලීසියේ සහ හමුදාවේ සහාය ඇතිව හයිටියේ නායකත්වය භාර ගෙන කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
The post හයිටි ජනාධිපති ඝාතනයට සම්බන්ධ මහ මොළකරු සොයා තවදුරටත් පරීක්ෂණ appeared first on ITN News.
Post a Comment