කොරෝනා වෛරසය මර්දනය සදහා අමෙරිකාවේ නිපදවූ ෆයිසර් එන්නතට තුන්වන මාත්‍රාවක් එක් කිරීමට ෆයිසර් සමාගම තීරණය කර තිබෙනවා.
ෆයිසර් එන්නත ලබා ගත් ඊශ්‍රායලයේ බහුතරයකට ද කොරෝනා වෛරසය නැවත ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම තීරණයට එළඹි බවයි ෆයිසර් සමාගමේ ප්‍රධාන විද්‍යාඥ මයිකල් ඩෝල්ස්ටන් පවසන්නේ. එමෙන්ම මේ දිනවල අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ සහ ආසියානු කලාප තුළ වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය නිපදවීමේ හැකියාවක් ෆයිසර් තුන්වන මාත්‍රාවට හැකිවනු ඇති බවටයි මත පළ වී තිබෙන්නේ.
2019 වසරේ ආරම්භ වූ කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය මේ වන විට විකෘතිතාවට ලක්වෙමින් එන්නත් ක්‍රියාවලියේ ගමන් මග ද වෙනස් මගකට යොමු කරමින් සිටින බවයි අමෙරිකා සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඒ අනුව ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාවක් පිළිබදව නිර්දේශ ලබා දෙන ලෙස අමෙරිකානු නියාමන අධිකාරීන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ඇති බවයි ෆයිසර් සමාගම වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
The post ෆයිසර් එන්නතට තුන්වන මාත්‍රාවක් එක් කිරීමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment