Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙල්ටාවෙන් බැටකන ඉන්දියාවට සිකාත් රිංගයි  

Add comments

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මදුරුවන් ආශ්‍රිතව බෝවන ‘සිකා’ නම් තවත් වෛරස් ප්‍රභේදයක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ප්‍රථම වරට හමුවී තිබෙනවා. මෙම වෛරසය ආසාදිතයින් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළද පසුව සිදුකළ රුධිර පරික්ෂණවලින් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ සිකා වෛරසය බව අනාවරණය වුණා.

ඉන් අනතුරුව මෙම වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් සොයා ගත් බව එරට සෞඛ්‍ය අංශ අනාවරණය කළා. 2016 / 17 යන කාල සීමාව තුළ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් සිකා ආසාදිතයන් බහුලව හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

ගැබිනි කාන්තාවන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත් උපදින දරුවන්ගේ මොළය කුඩා වන බව ද පර්යේෂණ මගින් හෙළිව තිබෙනවා. තව ද ලිංගිකව ද මෙම වෛරසය සම්ප්‍රේශනය වන බව අනාවරණය වී තිබෙනවා.

 

 

The post ඩෙල්ටාවෙන් බැටකන ඉන්දියාවට සිකාත් රිංගයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG