Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාතාලයේ චමීගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට  

Add comments

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ චමී නමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගන්න පොලිසිය සමත්වුණා.

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීලා තුවාල සිදුකරපු සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරියේදී මොහු අත්අඩංගුවට ගත්ත මොහු සන්තකයේ තිබිලා මත්කුඩුත් හමුවෙලා තියෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ දී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල කිරීමට සැකකරු කටයුතු කර තිබුණා. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අතුරුගිරිය ප්‍ර දේශයේ දී හෙරෙයින් මත්කුඩු ද සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකුවන විදෙස්ගතව සිටින සමරප්පුල්ලිගේ චමින්ද බුද්ධික හෙවත් චමී නමැත්තාගේ ගෝලයෙකු වන මෙම පුද්ගලයා වෑන් රථයෙන් ගමන්ගත් පුද්ගලයාගෙන් කප්පම් ඉල්ලා එය ලබා නොදීම හේතුවෙන් පහරදීම සිදුකර තිබෙනවා.

 

 

The post පාතාලයේ චමීගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG