ගල් කොරියක සිදුවුණ අනතුරකින් එහි සේවය කරමින් සිටි දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිත අහිමිවුණා.
නවගමුව වෑක්කෙවත්ත ප්‍රදේශයේ ගල් කොරියක ගල් කන්දේ ගල විදීමේ නිරතව සිටි මේ දෙදෙනා මතට ඊට ඉහළින් වූ ගල් කොටසක් කඩා වැටී තිබෙනවා. ඒ සමගම ඔවුන් දෙදෙනා පහතට ඇද වැටී එම ස්ථානයේදීම මිය ගියා.
කිතුල්ගල ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදෙරු පියෙකු හා කඩුවෙල කොරතොට පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.
නවගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
The post ගල් කොරියක සිදුවුණ අනතුරකින් එහි සේවය කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment