ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වුණා.
ජනාධිපතිතුමා හා ජපාන ආරක්ෂක අමාත්‍ය කිෂී නොයිබුඕ මහතා අතර පැවති මෙම සාකච්ඡවේදී ද්වී පාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුණ බවයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සදහන් කළේ.
නාවික හා ගුවන් සහයෝගීතාවන්වලදී මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබදව ද කරුණු සාකච්ඡා කෙරුණා.
පසුගිය සතියේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව සත්කාරකත්වයෙන් පැවැත්වූ පුහුණු අභ්‍යාස පිළිබදව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර කලාපීය ආරක්ෂක ගැටලු පිළිබදව ද කරුණු සාකච්ඡා කළබවයි ජපාන තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරන්නේ.
The post ජනපති සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment