ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අතිරික්ත තනතුරු ඇතුළු බදවා ගැනීම් සම්බන්ධව මසක කාලයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව නියෝග කර තිබෙනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිද්දී අතිරික්ත තනතුරු 46 ක් පවතින බව කෝප් කමිටුවේදී හෙළි වුණා. පුහුණු නිලධාරින් සදහා රුපියල් මිලියන 583 ක වැටුප් 2017,2019 කාලසීමාවේදී ගෙවා ඇති බවද අනාවරණය වුණා.
බදවාගෙන තිබූ පුහුණු නිලධාරීන්ට නිසි රාජකාරියක් හෝ පවරා නොතිබූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෝප් කමිටුව හමුවේ පෙන්වා දුන්නේ. ජනසෙවන නිවාස දසලක්ෂයේ ව්‍යාපෘතිය පිළිබදව තත්ත්ව වාර්තාවක් මසක් තුළ ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකාරියට නිර්දේශ කර තිබුණද එය මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වුණා. නිවාස ව්‍යාපෘති එක්දහස් තුන්සිය පනස් එකක පොදු දේපළ තවදුරටත් පළාත් පාලන ආයතන වෙත පවරා නොතිබීම ප්‍රබල ගැටලුවක් බවද කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කියා සිටියා.
The post නිවාස සංවර්ධන අධිකාරියේ බඳවා ගැනීම් සම්බන්ධව කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment