කොස්ටරිකා රාජ්‍යයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිවාස සිය ගණනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොස්ටරිකා රාජ්‍යයේ ගිනිකොණ දිග ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් නිවාස, අධිවේගී මාර්ග මෙන්ම වගා බිම්ද විනාශයට පත්ව තිබෙනවා. ගංවතුර හා නායයාම් පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි ජනතාව දැනුවත් කර ඇත්තේ. අයහපත් කාලගුණයෙන් අවතැන් වූ එක්දහස් පන්සියයක පමණ පිරිසක් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
The post කොස්ටරිකා රාජ්‍යයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නිවාස සිය ගණනක් විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment