අයහපත් කාලගුණයෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර හේතුවෙන් ලන්ඩන් නගරයේ මහා මාර්ග, උමං දුම්රිය ස්ථාන හා නිවාස ද යටව ඇති බවයි වාර්තා වන්නේ. ලන්ඩන් නුවර පිහිටි රෝහල් දෙකක හදිසි ප්‍රතිකාර ඒකකයන් ද ජලයෙන් යටව තිබෙනවා. එම ඒකයන් වෙත පැමිණිමෙන් වළකින ලෙසයි රෝහල් බලධාරීන් රෝගීන්ට දන්වා ඇත්තේ. මහා මාර්ගයන්හි ගමනා ගමනය ද තාවකාලිකව ඇණහිට තිබෙනවා. එමෙන්ම මාර්ග ජලයෙන් යටව ඇත්නම් ඒවායේ ගමන් කිරීමෙන් වළකින ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
The post අයහපත් කාලගුණයෙන් ලන්ඩන් අගනුවරට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment