කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කිරීමට ITN ලක්හඩ මනුෂ්‍යත්වයේ සත්කාරය තවත් අදියරක් කළුතර පරගස්තොට දී ක්‍රියාත්මක වුණා.
වසංගත තත්ත්වයත් සමග ඔන්ලයින් අධ්‍යාපනය කර ගැනීමට නොහැකිව බොහෝ දරුපැටවුන් දුෂ්කරතාවලට මුහුණ පෑ බව අප සියලු දෙනා හොදින් දන්නා දෙයක්. තමන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදී කර ගැනීමට නොහැකිව පීඩා විදි දරුවෙකුට ජංගම දුරකතනයක් ලබා දෙන්න ITN ලක්හඩ මනුෂ්‍යත්වයේ සත්කාරය අද කටයුතු කළා. ඒ වගේම ආර්ථික පීඩාවන් වලින් බැට කන පවුල් කිහිපයක් සදහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ද අයිටීඑන් ලක්හඩ මනුෂ්‍යත්වයේ සත්කාරය කණ්ඩායම අමතක කළේ නැහැ.
The post ආර්ථික පීඩා වලින් බැට කන පවුල් කිහිපයකට ITN මනුෂ්‍යත්වයේ දෑත දිගු කරයි appeared first on ITN News.
Post a Comment