Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිඩ්නි නගරය තවදුරටත් වසා තැබේ  

Add comments

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වුවද නගරය තවදුරටත් වසා තැබෙන බව රජය නිවේදනය කරනවා.

ගතවූ පැය 24ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් 89 දෙනෙකු හමුවී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණනට සාපේක්ෂව අද ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනවා. නමුත් සිඩ්නි නගරය තුළ ක්‍රියාත්මක වසා දැමීමේ නීති තවදුරටත් ක්‍රියාත්මකයි. වයිරස ආසාදිතයින් නොදැනුවත්ව සමාජයේ සැරිසැරීම තුළින් සිදුවන වයිරස ව්‍යාප්තිය අවම කිරීමට බලධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා. මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් වයිරස ආසාදිතයින් 31300 දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 912 ක්.

 

The post සිඩ්නි නගරය තවදුරටත් වසා තැබේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG