Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියේ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 දක්වා ඉහළට  

Add comments

තුර්කියේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලැව්ගිනි 150කට අධික සංඛ්‍යාවක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තුර්කියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව එරට කාලගුණ අංශ නිවේදනය කරනවා. තුර්කියේ ලැව්ගිනි හටගෙන මේ වනවිට දින හතක් පමණ ගතව තිබුණද අධික උෂ්ණත්වය හා දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වනවා. ලැව්ගිනි පාලනය කිරීමට රුසියාව ඉරානය  , යුක්රේනය, ස්පාඤ්ඤය ඇතුලු රටවල් රැසකින් සහය ලැබී ඇති බවයි ගිනි නිවීමේ අංශ සඳහන් කරන්නේ.

 

 

The post තුර්කියේ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG