Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට ප්‍රහාර රැසක්  

Add comments

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.

කාබුල් අගනුවර අධි ආරක්ෂිත ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් පුද්ගලයින් අට දෙනෙකු ජීවත්කෂයට පත්ව තවත් විසි දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. එමෙන්ම එරට ආරක්ෂක අමාත්‍යවරයාගේ නිවසටද ප්‍රහාරයක් එල්ල කිරීමටයි තලෙයිබාන් සංවිධානය කටයුතු කර ඇත්තේ. ප්‍රහාරයෙන් අමාත්‍යවරයාට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

මේ අතර කාබුල් අගනුවර මාර්ගයන්හි තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය සාමාන්‍ය ජනතාවගේ සිරුරු දක්නට ලැබෙන බව බී බී සි පුවත් සේවය සදහන් කරනවා. විදෙස් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම ආරම්භ වීමත් සමග තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියා ඉහළ ගියා.

 

 

The post තලෙයිබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට ප්‍රහාර රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG