තරුණ පිරිස් ද කාබනික පොහොර නිෂ්පාදනයට වැඩි වශයෙන් යොමුවී සිටිනවා. එවැනි පිරිසක් පිළිබද තොරතුරු වැලිමඩ ප්‍රදේශයෙන්ද වාර්තා වනවා.
කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කටයුතු කිරීම සදහා ගොවීන් යොමු කර වීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව යමින් කාබනික පොහොර නිෂ්පාදනයට වැලිමඩ, කැප්පෙටිපොල වීදුරුපොළ ගම්මානයේ තරුණ පිරිසක් එක්ව සිටිනවා.
සංචරණ සීමා පනවා තිබූ සමයේ කාලය අපතේ නොයවා ඔවුන් මෙම කාර්යයේ නිරතවීම විශේෂත්වයක්. කැප්පෙටිපොල ගොවිජන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහාය ද මේ සදහා ලැබී තිබෙනවා.
The post කාබනික පොහොර වැඩසටහනට තරුණයින් එක්වෙයි appeared first on ITN News.
Post a Comment