Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනවසරයෙන් වී තොග එක් රැස් කර තිබූ ගබඩා 10ක් සොයා ගනී  

Add comments

පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොවී වී තොග එක් රැස් කර තිබූ ගබඩා 10ක් සොයා ගැනීමට එම අධිකාරිය සමත් වුණා. ඉන් ගබඩා 3 කට මුද්‍රා තැබීමටයි පියවර ගනු ලැබුවේ.

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි වීමකින් තොරව වී තොග එක් රැස් කර ගබඩා කරන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මතයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී කිලෝග්‍රෑම් ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කර තිබූ ගබඩා 10 ක් පාරිභෝගික අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් විමර්ශන නිලධාරී එච්.ජී චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පරික්ෂාවට ලක් කළා. එහිදී එම අධිකාරියේ ලියාපදිංචියකින් තොරව වී ගබඩා කර තිබූ  ගබඩා 5 කට නඩු පැවරීමට කටයුතු කෙරුණා.  ගබඩා 3 ක් මුද්‍රා තැබූ අතර සෙසු ගබඩා දෙකෙහි වී තොග රජයේ වී ගබඩා වලට නියමිත මිලට ලබාදීමට ගබඩා හිමියන් එකගතාව පල කළා.

මෙම වැටලීම සදහා පොලිස් විශේෂ කාර්යබලකායේ සහාය ද ලැබී තිබුණා.

 

 

 

The post අනවසරයෙන් වී තොග එක් රැස් කර තිබූ ගබඩා 10ක් සොයා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG