2021 වර්ෂයට ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට මාර්ග ගත ක්‍රමය මගින් ඒ සදහා ඉල්ලුම් කිරීමට අවස්ථාව සළසා තිබෙනවා.
වයස අවුරුදු 18 සම්පූර්ණ කළ හෝ 2021 වර්ෂය සදහා ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඉලෙක්ෂන් ඩොට් ජීඕවී ඩොට් එල්කේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි සදහා ඉල්ලුම් කළ හැකි බවයි මැතිවරණ කොම්ෂන් සභාව පවසන්නේ. එම වෙබ් අඩවියට පිවිසීමෙන් තමා 2021 වර්ෂය සදහා ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීමට නිර්දේශ වී තිබේද යන්න පරික්ෂා කිරීමේ හැකියාව ද පවතිනවා.
2020 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචී ඇත්නම් 2021 වර්ෂය සදහා යළි ලියාපදිංචිවීමේ අවශ්‍යතාවක නොමැත බවද මැතිවරණ කොමිසම තවදුරටත් දැනුම් දෙනවා.
The post 2021 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ අවස්ථාව appeared first on ITN News.
Post a Comment