පකිස්ථානයේ කම්හලක ඇතිවූ ගින්නකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගින්න හේතුවෙන් 100 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පකිස්ථානයේ විශාලතම මෙන්ම මූල්‍ය මධ්‍යස්ථානය ලෙස සැළකෙන කරාචි නගරයේ පිහිටි මහල් ගොඩනැඟිල්ලක ගින්න හට ගෙන තිබෙනවා. එම ගොඩනැඟිල්ල රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ලෙස පවත්වා ගෙන ගිය ස්ථානයක් ලෙසයි පැවසෙන්නේ. බිම් මහලේ ඇතිවූ ගින්නත් සමඟ අනෙක් මහල්වල සිටි පිරිස්වලට ඉන් පිටවීමට හැකියාව නොලැබීම හේතුවෙන් සිදුව ඇතිව ජීවිත හානි සිදුව තිබෙනවා.
ගින්න හටගත් අවස්ථාවේ 260 කට ආසන්න සංඛ්‍යාවක් ගොඩනැගිල්ල තුළ සේවයේ නිරතව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
The post පකිස්ථානයේ කම්හලක ඇතිවූ ගින්නකින් 16ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment